Tuesday, July 28, 2026
HomeදේශීයBREAKING NEWS: ධනුෂ්ක වැරදි නෑ!! - අධිකරණය තීන්දු කරයි

BREAKING NEWS: ධනුෂ්ක වැරදි නෑ!! – අධිකරණය තීන්දු කරයි

ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව එරට අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.

මෙම තීන්දුව ලබා දී ඇත්තේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ සාරා හගෙට් විනිසුරු විසින්.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරුණා.

2022 වසරේ ඕස්ට්‍රේලියානු සංචාරයක් අතරතුර එරට කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක චෝදනා ලැබ සිටියා.

ධනුෂ්කට එරෙහි නඩු විභාගය චෝදනා 4 ක් යටතේ ආරම්භ කළ අතර ඉන් චෝදනා 3ක් පසුව ඉවත්කරගෙන තිබුණා.

බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවේ යෙදීමේ චෝදනාව යටතේ නඩු විභාගය පැවැත්වුණා.

READ:   තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්