Sunday, August 2, 2026
Homeදේශීයබෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා සහෙබ්තුමා ජනපති හමු වෙයි.

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා සහෙබ්තුමා ජනපති හමු වෙයි.

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ඊයේ පෙරවරුවේ මිරිහාන ජනාධිපති නිවසේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

මිලියනයකට ආසන්න බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති. තමා ඉතා ඇලුම් කරන රටක් වන ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීමත් ජනාධිපතිතුමා හමුවීමත් සතුටට කරුණක් බව සෙයිෆුද්දීන් සහෙබ්තුමා සඳහන් කළේය.

කොවිඩ් පාලනයට රජය ගෙනයන වැඩපිළිවෙළ පැසසුමට ලක්කළ සෙයිෆුද්දීන් සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ දියුණුව තමා අපේක්ෂා කරන බව පැවසීය.

ඉටුකම කොවිඩ් – 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට බෝරා ප්‍රජාවේ නායක සෙයිෆුද්දීන් සහෙබ්තුමා කළ පරිත්‍යාගයට ජනාධිපතිතුමා ස්තූතිය පළ කළ අතර ආයෝජන සහ වෙළෙඳ කටයුතු සිදු කරමින් බොර්ා ප්‍රජාව මෙරටට ලබාදෙන දායකත්වය ඇගයීමට ලක් කළේය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ කිහිපදෙනෙක් මෙම හමුවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

READ:   Mathilda Karlsson අශ්ව යුවතිය ලංකාවේ ජනතාවට කිව්ව කතාව
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්