Friday, June 5, 2026
Homeදේශීයමියන්මාරයෙහි අත්අඩංගුවට පත් වූ කාන්තාවන් රැසකට ලිංගික හිංසන

මියන්මාරයෙහි අත්අඩංගුවට පත් වූ කාන්තාවන් රැසකට ලිංගික හිංසන

මියන්මාර හමුදාව බලය අත්කර ගැනීමෙන් පසු මියන්මාරයෙහිදී අත්අඩංගුවට පත්වන කාන්තාවන්ට ලිංගික හිංසනවලට ලක්වීමට සිදුව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. බීබීසී වාර්තා අනුව ස්ත්‍රී දූෂණ, සහ විවිධ හිංසාකාරී ක්‍රියාවලට ඔවුන් ලක් වෙමින් පවතිනවා. හමුදා බලය පැහැර ගැනීම්වලට එරෙහි වි‍රෝධතාවලට ද එරට කාන්තාව සක්‍රියව දායක වුණා.

දේශපාලන සිරකරුවන් සඳහා සහය වන ආයතන (AAPP) අනුව දෙසැම්බර් 8 වනදා වන විට, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කළ අරගලවලට එරෙහි මිලිටරි මර්දනයන්හිදී සිවිල් වැසියන් රැසකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණා. කාන්තාවන් 2,000කට අධික සංඛ්‍යාවක් ඇතුළුව පුද්ගලයන් 10,200කට වැඩි පිරිසක් රඳවාගෙන ද ඇත.

කෙසේ වෙතත් මෙරට ඇතැම් පිරිස් මිලිටරි පාලනයක් ස්වකැමැත්තෙන් ඉල්ලා සිටීම විශේෂත්වයක්.

pictures BBC ABC

READ:   ජනපති පදවිප්‍රාප්තියට වසරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්