Sunday, September 13, 2026
Homeදේශීයකුකුළු මස් මිල අඩුකිරීම ගැන තීරණයක්

කුකුළු මස් මිල අඩුකිරීම ගැන තීරණයක්

කුකුළු මස් මිල තවදුරටත් අඩුකිරීමට සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (21) පැවැත්වෙනවා.

ඒ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ කුකුළු නිෂ්පාදකයින් අතරයි.

රුපියල් 1250 කට අලෙවි වන කුකුළු මස් කිලෝවක් රුපියල් 200කින් අඩුවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

එම මිල අඩුකිරීමට සාකච්ඡාවේදී කුකුළු මස් නිෂ්පාදකයින් එකඟ වෙනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එසේ නොවුනහොත් කුකුළු මස් ආනායනය සම්බන්ධයෙන් අද දිනයේදීම තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

READ:   තංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්