Tuesday, September 29, 2026
Homeදේශීයදෛනිකව ඉන්ධන මිල සංශෝධනයක්

දෛනිකව ඉන්ධන මිල සංශෝධනයක්

එළඹෙන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල සංශෝධනයට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ස්වයංක්‍රීය ක්‍රමවේදයක් යටතේ මෙම දෛනික මිල සංශෝධනය සිදුකිරීමට නියමිතයි.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව දැනුවත්කර තිබෙනවා.

මේ අතර මෙහිදී ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳ ක්‍රියාත්මක වන නඩු කටයුතු සමථයකට පත් කර ගැනීම, නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුතු, ලිහිසි තෙල් අලෙවිය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.

READ:   නුවරඑළියේ සභා හදන්න තොණ්ඩමන්ලාගේ සහය මාලිමාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්