Thursday, June 11, 2026
Homeදේශීයවෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළ නාඳුනන පිරිසක් කොටු කර ගන්න පොලිසිය මහජන සහය පතයි

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළ නාඳුනන පිරිසක් කොටු කර ගන්න පොලිසිය මහජන සහය පතයි

හපුතලේ පොලිස් වසමේ දී නාදුනන පුද්ගල කණ්ඩායමක් විසින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.

අදාළ නාඳුනන කණ්ඩායම විසින් 2023.08.22 දින මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය සම්බන්ධ සී.සී.ටී.වී දර්ශන හා ඡායාරූප නිකුත් වී ඇති අතර එම රථයේ අංකය ව්‍යාජ ලියාපදිංචි අංකයක් බව සඳහන් වෙනවා.

file

සැකකරුවන් හා එම මෝටර් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් මේ නම් පහත සඳහන් අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

file

ස්ථානාධිපති/පොලිස් ස්ථානය දියතලාව – 071 – 8591531

බණ්ඩාරවෙල කොට්ඨාස මෙහෙයුම් මැදිරිය – 057 – 2222260 / 057 – 2231612

file
READ:   විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්