Sunday, September 13, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට තියුණු ජයක්

ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ආසියානු ක්‍රිකට් කුසලානයේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගය ලකුණු 21 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 257 ක් රැස් කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම පන්දු 72කින් ලකුණු 93ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 50(73) යි. පැතුම් නිස්සංක ලකණු 40(60) ක් ලබා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 258ක ඉලක්කයක් හබා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 48.පන්දු 1 ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 236ක් පමණයි.

බංග්ලාදේශය වෙනුවෙන් Towhid Hridoy පන්දු 97ක් තුළ ලකුණු 82ක් රැස් කළා.

පන්දු යැමේදී නායක දසුන් ශානක ලකුණු 28ට කඩුලු 03ක් බිඳ දැමුවා.

මතීෂ පතිරණ සහ මහේෂ් තීක්ෂණ කඩුලු 03 බැගින් දවා ගත්තා.

READ:   ඉතාලිය තුන්වැනි වරටත් ලොක්ඩවුන් කරයි Italy Heading for a Third Lockdown
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්