ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඝාතනයට ස්නයිෆරයක් අවශ්‍ය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබු තරුණයෙක් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 19 වන එප්පාවල මැඩියාව ප්‍රදේශයේ තරුණයෙකි.
ඊයේ (03) දින පෙරවරුවේ එප්පාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.
ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ එළඹෙන 07 වනදා ජනාධිපතිවරයා එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වන සංවත්සරය සඳහා සහභාගීවීමට නියමිතව තිබියදී බව වාර්තා වෙනවා.
ආදාළ තරුණයා බේකරි නිෂ්පාදන ජංගම අලෙවිකරුවෙකු ලෙස සේවය කරන බව සඳහන්.
තමාට ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලැස්මක් හෝ අවශ්‍යතාවක් නැති බවත් අදාළ ෆේස්බුක් සටහන දුරදිග නොහිතා තමන් පළ කළ බවත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.
අදාළ තරුණයාගේ පියා කුලී රථ රියදුරකු ලෙස සේවය කරන බවත් ඔවුන් අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් නොවන බවත් අනාවරණය වී තිබෙනවා.
තමන් ස්නයීෆර් ගැන දැනගෙන ඇත්තේ පබ්ජි වැනි පරිඝණක හා ජංගම දුරකථන ක්‍රීඩා හරහා බව තරුණයා පවසා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.


