Saturday, September 12, 2026
Homeදේශීයජාතික රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර දෙකක් බිඳවැටෙයි

ජාතික රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර දෙකක් බිඳවැටෙයි

කොළඹ ජාතික රෝහල සතුව පවතින CT ස්කෑන් යන්ත්‍ර 4න් දෙකක් මේ වනවිට සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් රෝගීන් මෙන්ම විකිරණ ශිල්පීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පෙන්වා දෙන්නේ.

මීට වසරකට පෙර බිඳවැටුණේ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ රෝගීන්ගේ පරීක්ෂණ සිදුකරන CT ස්කෑන් යන්ත්‍රය බව ඒ මහතා පවසනවා.

ඊයේ දිනය වන විට බිඳවැටී ඇති CT ස්කෑන් යන්ත්‍රය දිනකට රෝගීන් 250කට වැඩි පිරිසකගේ පරික්ෂණ සිදුකරන එනම් වැඩිම පරීක්ෂණ සංඛාවක් සිදු කරන යන්ත්‍රය බව ඔහු සඳහන් කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   කොළඹට අද පැය 10 ක ජල කප්පාදුවක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්