Monday, September 14, 2026
Homeදේශීයජංගම දුරකථනයෙන් කතා කරමින් රේල් පාරේ ගිය තරුණිය දුම්රියේ ගැටී මරුට

ජංගම දුරකථනයෙන් කතා කරමින් රේල් පාරේ ගිය තරුණිය දුම්රියේ ගැටී මරුට

ජංගම දුරකථනය ඔස්සේ කතාකරමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රී 07.00 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ පානදුර පින්වත්ත අතර ප්‍රදේශයේ දී බව වාර්තා වෙනවා.

අනතුරින් තුවාල ලැබූ තරුණිය එම දුම්රියෙන්ම වාද්දූව දුම්රිය ස්ථානයට රැගෙන් ගොස් ඉන් අනතුරුව ගිලන් රථයකින් පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී තරුණිය මියගිය බවයි වාර්තා වන්නේ.

අවස්ථා කිහිපයකදී දුම්රිය නලා ශබ්ද කර ඇතත් අදාළ තරුණියට එය ඇසී නොමැති බව ද වාර්තා වෙනවා.

READ:   පොසිල අධ්‍යයනය සඳහා රු මිලි 25ක වියදමින් නව කෞතුකාගාරයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්