Thursday, July 23, 2026
Homeදේශීයඅද සිට සූර්යා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් ගමනේ..

අද සිට සූර්යා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් ගමනේ..

අද (29) සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යා ශ්‍රී ලංකාව ඉහළින් සෘජුවම ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අද හිරු මුදුන් වන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පලවි සහ මුලතිවු දිස්ත්‍රික්කයේ චලෙයි ප්‍රදේශවලටයි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇතිවන අතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   වැස්ස වැඩි කරමින් කාලගුණය වෙනස් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්