Thursday, July 23, 2026
Homeදේශීයජාතික පුස්තකාලය ඩිජිටල්කරණයට

ජාතික පුස්තකාලය ඩිජිටල්කරණයට

දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි  ජාතික පුස්තකාලය  සහ තවත් මහජන පුස්තකාල 25ක් ආදර්ශ ඩිජිටල් පුස්තකාල ලෙස සංවර්ධනය කෙරේ. ඒ සදහා වූ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා අදාළ පළාත්පාලන ආයතන අතර ඊයේ(30 )සිදුකෙරිණ.   නවීන ඩිජිටල් යටිතල පහසුකම් හඳුන්වාදීම මගින් ජාතික පුස්තකාල ජාලය ස්වයංක්‍රීය කිරීම මෙමගින් සිදුකෙරේ . 

මෙම පුස්තකාලවල සියලුම ග්‍රන්ථ සුචි තොරතුරු  පද්ධතියකට එක්කිරීම තුලින් මහජනතාවට තමන්ට අවශ්‍ය පරිශීලක පොත් පිළිබද තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පරීකෂා කිරීමේ හැකියාව ලැබේ. ඉදිරියේ දී අවශ්‍ය පොත් කල්තියා වෙන් කරගැනීමට ද පහසුකම් එක්වනු ඇත. මේ සදහා ලෝකයේ වඩාත් ප්‍රචලිත  කොහා  KOHA   විවෘත මෘදුකාංග පද්ධතිය භාවිතා කෙරේ. අවශ්‍ය දත්ත ගබඩා කිරිම හා හුවමාරුව ලංකා රාජ්‍ය මේඝය (LGC) මගින් සිදු කෙරෙනු ඇත. මේ සදහා අවශ්‍ය තාක්ෂණික පද්ධති නිර්මාණය පුහුණු හා සේවා පහසුකම් සැපයීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂන  නියෝජිතායතනය සපයයි. පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. ඒ ඒ පළාත්පාලන ආයතන අවශ්‍ය ප්‍රතිපාදන හා මානව සම්පත් යොදවනු ඇත.  මෙම නියාමන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමෙන්  දිවයිනේ අනෙකුත් සියලුම පුස්තකාල  එකම ජාලයකට සම්බන්ද කරගැනීම තුලින් වඩාත්  පලදායි මහජන සේවාවක් සැපයීම ඩිජිටල් කරනයේ මුලික අපේක්ෂාව බව මෙහිදී ප්‍රකාශ කෙරින. 

උපුටා ගැනීම : දිනමිණ පුවත්පතෙන් 

READ:   ජනතාව ගොන්නු යැයි සිතා සමහර දේශපාලකයින් ජනතාව අන්ඳනවා - ඩිලාන් පෙරේරා (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්