Tuesday, June 9, 2026
Homeදේශීයඅඩි දහස් ගණනක් ඉහළ අහසේ කේබල් කාරයක් තුළ පාසල් ළමුන් පිරිසක් හිරවෙයි.

අඩි දහස් ගණනක් ඉහළ අහසේ කේබල් කාරයක් තුළ පාසල් ළමුන් පිරිසක් හිරවෙයි.

පාකිස්තානයයේ පාසල් ළමුන් 6 දෙනෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු කේබල් රථයක් තුළ සිරව තිබෙනවා.

අද උදෑසන 7ට පමණ පාසල වෙත කේබල් රථයක් මගින් ගමන් කරමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ළක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අඩි 1200ක පමණ ඉහළින් සිරව සිටින බැවින් ඔවුන් මාදගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන්.

පාසල් ළමුන් සමඟ සිරව සිටින අනෙක් පුද්ගලයින් දෙදෙනා පාසල් ගුරුවරුන් දෙදෙනෙකු වන බව එරට මාධ්‍ය පැවසුවා.

පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශ ප්‍රවාහන කටයුතු සඳහා කේබල් කාර භාවිතා කරයි.

එරට කමාන්ඩෝ ආරක්ෂක භටයන් චොපර් යානා මගින් කේබල් කාරය දෙසට බැසීමට උත්සහ කරමින් සිටි.

READ:   ශ්‍රී ලාංකික හිමිනමක් පළමුවරට දකුණු කොරියාවේ ගෞරවනීය පුරවැසිභාවයෙන් පිදුම් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්