ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නො වන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදු වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒවා විවේචනයට ලක්වුව ද නුදුරු අනාගතයේදී ම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමි වනු ඇති බව ජනාධිපතිවරයාගේ අදහසයි.කෙටිකාලීන අර්බුද ජය ගත් පසු ආර්ථික සහන උදා කර ගත හැකි වනු ඇති අතර, රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (26) පස්වරුවේ පැවති “ජනාධිපති අපනයන සම්මාන උළෙල” අමතමින්.ශ්‍රී ලංකාව තුළදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළ ම සහ අද්විතීය ම සම්මානය මෙය වන අතර අපනයන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩි ම දායකත්වයක් ලබා දී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ජනාධිපති සම්මාන ප්‍රදානය කෙරේ. 2019/20 හා 2020/21 මූල්‍ය වර්ෂයන්ට අදාළව මෙරට විශිෂ්ට අපනයන සමාගම් 63ක් මෙවර සම්මානයට පාත්‍ර වුණා.
නවතම වීඩියෝ
-
🔴22න් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් කරන්න උත්සාහ කරනවා.- සජිත්,- සජිත්ටත් තදවුණු තැන??
-
වැඩවර්ජනේ සාර්ථකයි!!බොරුවට හැප්පෙන්න මර්ධනය කරන්න ලේස්තිවෙන්නෙපා.- සමන් රත්නප්‍රිය
-
JR උඩට එනවා ප්‍රේමදාසත් එනවා.. මේ රට ගොඩගත්ත නායකයෝ.. - කොටහළු මඟුලක් ද??
-
එක්තරා කෙනෙක් ගැන ජනපතිට කියයි.ප්‍රධාන සංගමෙන් හැරෙන තැපෑලේ උත්තර.


