Wednesday, July 29, 2026
Homeදේශීයහඟුරන්කෙත අක්කර ගානක් බිලි ගද්දී වෙල්ගම්වෙහෙර කැළෑවත් ඇවිලෙයි..

හඟුරන්කෙත අක්කර ගානක් බිලි ගද්දී වෙල්ගම්වෙහෙර කැළෑවත් ඇවිලෙයි..

හඟුරන්කෙත, නාරම්මැඩිල්ල ප්‍රදේශයේ ඊයේ (17) සවස හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් අක්කර 10ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වෙනවා.

ජීවිත හානි කිසිවක් වාර්තා නොවන අතර පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර ඊයේ සවස් කාලයේ උප්පුවේලි පොලිස් වසමේ වෙල්ගම්වෙහෙර කැලෑව තුළ හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම ගින්න හේතුවෙන් අක්කර 05ක ප්‍රමාණයක් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

උප්පුවේලි ගිනි නිවීමේ ඒකකය, පොලිස් නිලධාරීන්,සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.

මෙම ගින්නට ද හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

උප්පුවේලි පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   හඟුරන්කෙත ගින්නක්: අක්කර ගානක් අළුවෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්