Wednesday, September 16, 2026
Homeදේශීයහෝමාගම ගින්නේ තවත් තොරතුරු

හෝමාගම ගින්නේ තවත් තොරතුරු

ඊයේ (17) රාත්‍රියේ හෝමාගම කටුවාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගත්තා.

තීන්ත නිෂ්පාදනගාරයක් සහ රෙදි පිළි නිෂ්පාදන ගාරයක් ගින්නට හසුවී විනාශ වී ඇති බව වාර්තා වෙනවා.

හොරණ, කෝට්ටේ ගිනි නිවන ඒකකය පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ගින්න හේතුවෙන් දේපල හානි රැසක් වාර්තා වන අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බව පොලිසිය පවසනවා.

හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

file
file
file
file
READ:   උෂ්ණ කාලගුණය හමුවේ හිස ඔසවන මාරාන්තික රෝගයක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි: දෙදෙනෙක් ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්