Tuesday, April 28, 2026
Homeදේශීයවිදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම අගෝස්තු 8 සිට

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම අගෝස්තු 8 සිට

මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් අනියුක්ත වීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ඇතුළු කර ගැනීමේදී ඇතිවිය හැකි බාධා හේතුවෙන් මෙම තීරණය ගත් බව නාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සදහන් කළේය.

මැතිවරණයෙන් පසුව අදාළ ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු යළි ලබන 8 වැනිදා සිට ආරම්භ කරන බව ඒ මහතා සදහන් කළේය.

ඒ අනුව අගෝස්තු 8 වැනි දින ඩුබායි හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතයි.

ඊට අමතරව ඕස්ට්‍රේලියාව, සිංගප්පුරුව, කටාර්, ඕමාන්, බහරේන්, මැලේසියාව, මාලදිවයින සහ ඉන්දියාව ඇතුළු රටවල්වල රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබේ.

READ:   අයවැය තීරණාත්මක ඡන්ද විමසීම අද
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්