Sunday, June 7, 2026
Homeදේශීයවියළි කාලගුණයෙන් සිදී ගිය වැව් ගණන 10,000කට ආසන්නයි

වියළි කාලගුණයෙන් සිදී ගිය වැව් ගණන 10,000කට ආසන්නයි

වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිදී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

මෝසම් වැස්ස ප්‍රමාණවත්ව නොලැබීම සහ උෂ්ණ අධික කාලගුණය මෙලෙස වැව් සිදී යෑමට හේතුව වී තිබේ.

මේ හේතුවෙන් වී වගාවන්ට මෙන්ම ගොඩ බෝග වගාවන් සඳහා ජලය සැපයීම දුෂ්කරව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

කරුණෑගල, අනුරාධපුර,අම්පාර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවීන් මින් දැඩි පීඩාවට පත්ව ඇත.

වගාවන් ආරක්ෂා කර ගැනීම අතිශය දුෂ්කර වීම හේතුවෙන් එම ප්‍රදේශයන්හි වැව්වල ළිං හැරීම සඳහා මේ වනවිටත් අවසර ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   තවත් ක්‍රිකට් සැණකෙළියක් ආරම්භ වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්