Friday, September 11, 2026
Homeදේශීයඅන්දෝලනාත්මක මරණ 5කට හේතුව ඖෂධ ආසාද්මිකතාවය විය හැකියි - විශේෂඥ වාර්තාව හෙළිකරයි..

අන්දෝලනාත්මක මරණ 5කට හේතුව ඖෂධ ආසාද්මිකතාවය විය හැකියි – විශේෂඥ වාර්තාව හෙළිකරයි..

මෑත කාලයේ රෝහල්වල සිදුවු ආන්දෝලනාත්මක සිදුවීම් සම්බන්ධ පරික්ෂණ පැවැත්වීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

එම විශේෂඥ කමිටු වාර්තාවේ නිගමනය වී ඇත්තේ මතභේදයට තුඩුදුන් මරණ 06න් 05කට හේතුව ඖෂධ ආසාද්මිකතාවන් හේතුවිය හැකි බවයි.

ඒ අනුව එම කමිටුවේ නිර්දෙශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී ඇති බව වාර්තා වෙනවා.

වෛද්‍ය හා රෝගී රාහස්‍යභාවය රැකගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාව ප්‍රකාශයට පත් නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්