පවතින නියඟයෙන් හානී වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ලබා දීම සඳහා අවශ්‍යය කටයුතු සිදු කරන බවත්, එම වන්දි මුදල ප්‍රමාණවත් නොවන බැවින් එම මුදල ද වැඩි කිරීමට අවධානය යොමු කරන බවත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අනුරාධපුර කහටගස්දිගිලය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
එහිදිී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…
”ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නා වහාම නියඟය නිසා විපතට පත් වෙන ගොවිජනතාව දෙස බලා ඒ පිළිබඳ අවශ්‍ය කටයුතුවලට ප්‍රවේශ වෙන්න කියලා.අපි බලාපොරොත්තු වෙනවා ලැබෙන වාර්තා ව අනුව ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කරලා ගොවිජන රක්ෂණ මණ්ඩලය හරහා වන්දි මුදලක් ලබා දෙන්න.”
“දැනට අපිට කෘෂිරක්ෂණ මණ්ඩලය හරහා දෙන්න දැනට නියම වෙලා තියෙන්නේ හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක්.නමුත් සමහර ප්‍රදේශවල තත්ත්වය බැලුවම ඊට වඩා වෙනස්, අපි උත්සහයක් දරනවා ඊට වඩා වැඩි මුදලක් ලබා දෙන්න.දැනට ලක්ෂයක වන්දියක් ලබා දෙන්න කටයුතු කරනවා. සමහර ප්‍රදේශවල ඒක ප්‍රමාණවත් නෑ, මුදල් හොයා ගන්න පුලුවන් වුණොත් ඒක වැඩි කරලා දෙන්න කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා ”


