Thursday, September 10, 2026
Homeදේශීයබයික් එක පෙරළී කාන්තාවක් මරුට

බයික් එක පෙරළී කාන්තාවක් මරුට

රක්වාන, මාදම්පේ – ගාල්ල මාර්ගයේ ඕබඩකන්ද ප්‍රදේශයේ දී මාදම්පේ දෙස සිට රක්වාන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (05) උදෑසන සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ පසුපැදිකාරිය කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසනවා.

මියගිය තැනැත්තිය වයස අවුරුදු 44ක් වූ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

මෘත ශරීරය කහවත්ත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රක්වාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   භාණ්ඩ වර්ග 843 ක ආනයන සීමාවක් ඉවත් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්