Saturday, September 12, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

අගවිනිසුරුවරයා විසින් එම විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත් කර තිබේ.

ඒ අනුව, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එහි සභාපති විනිසුරු ලෙස කටයුතු කරන අතර අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරු සෙසු විනිසුරුවන් ලෙස කටයුතු කරනු ඇති.

READ:   තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්