Thursday, July 16, 2026
Homeදේශීයයුක්‍රේන යුද්ධය වෙනත් අතකට? යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට අභියෝගයක්

යුක්‍රේන යුද්ධය වෙනත් අතකට? යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට අභියෝගයක්

යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවට අනතුරු අඟවා සිටිනවා.

ඒ නියත වශයෙන්ම යුද්ධය රුසියාව කරා පැමිණෙන බවයි.

රුසියාවේ මොස්කව් අගනුවරට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයෙන් පසු ඔහු මේ බව පවසා තිබෙනවා.

රුසියාව කරා යුද්ධය පැමිණීම නොවැලැක්විය හැකි ස්වාභාවික සහ පරම සාධාරණ ක්‍රියාවලියක් බව ඔහු ප්‍රකාශ කර ඇත.

යුක්‍රේනය ශක්තිමත් වෙමින් පවතින බව පවසන සෙලෙන්ස්කි, රුසියාව සති කිහිපයක් තුළ නිමාවෙතැයි සිතු යුද්ධයට මේ වනවිට දින 522ක් ගතව ඇති බව අවධාරණය කර සිටිනවා.

මේ අතර යුක්‍රේනය රුසියාවට සිදුකරන ප්‍රහාරයන් ඉහළ ගොස් ඇති බවත් එම ප්‍රහාරවල වගකීම භාර ගැනීමට යුක්‍රේනය ඍජුවම කටයුතු කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

READ:   අඩුආදායම් පවුල් වලට මාස් පතා රජයෙන් මුදල්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්