Saturday, April 25, 2026
Homeදේශීයඅද මධ්‍යම රාත්‍රීයේ සිට පළාත් අතර සංචරණය තහනම්

අද මධ්‍යම රාත්‍රීයේ සිට පළාත් අතර සංචරණය තහනම්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයක් සඳහා පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි

 ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ කාර්ය සාධක බළකා රැස්වීමේ දී ගත් තීරණ දැනුම්දෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. එමෙන්ම අද රාත්‍රීයේ සිට පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද අත්හිටුවා ඇත

 අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර හිමිවේ.  සැප්තැම්බර් මස 15 වනදායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ් පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේදී පරීක්ෂාවට ලක්කරන බව සඳහන් වෙයි

READ:   කටුනායකට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්