Tuesday, September 8, 2026
Homeදේශීයබංග්ලාදේශයේ රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී යයි: 170දෙනෙක් මිය ගිහින්

බංග්ලාදේශයේ රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී යයි: 170දෙනෙක් මිය ගිහින්

මෝසම් වර්ෂාව අධිකවීමත් සමඟ බංගලාදේශයේ ඩෙංගු රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට එරට රෝහල් රාශියක් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළ ද ඩෙංගු රෝගය දැනටමත් බංග්ලාදේශය තුළ වසංගත අනුපාතයකට පැමිණ ඇති බව ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඩෙංගු රෝගය හේතුවෙන් බංග්ලාදේශයේ මේ වන විට පුද්ගලයින් 170කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා කරනවා.

මිය ගිය පිරිසෙන් 31 දෙනෙකු වයස අවුරුදු 14ට අඩු කුඩා දරුවන් බව සඳහන්.

file
READ:   පොසොන් සතිය අදින් ඇරඹෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්