Friday, July 24, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා A කණ්ඩායමට සුපිරි ජයක්

ශ්‍රී ලංකා A කණ්ඩායමට සුපිරි ජයක්

නැගී එන ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඕමාන A කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 217කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 259ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී සූරියබණ්ඩාර ලකුණු 60ක්, ආරච්ච්ගේ ලකුණු 48ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ගිය අතර ඔවුන් රැස්කළේ ලකුණු 42ක් පමණයි.

මෙහිදී කරුණාරත්න ඕමාන කණ්ඩායමේ කඩුලු 03ක් බිඳහෙළීමට සමත් වුණා.

මධුෂාන් සහ වෙල්ලාලගේ කඩුලු 02 බැගින් දවා ගත්තා.

ඒ අනුව තරගය ලකුණු 217කින් ජයගත් ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාත්තා.

READ:   ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්