අධික වර්ෂාවත් සමඟ දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණය තවදුරටත් පවතින බව වාර්තා වෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවු අනතුරුවලින් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
තවත් පුද්ගලයින් 09 දෙනෙකු අතුරුන්ව ඇති බව වාර්තා වෙනවා.
ගංවතුර තත්ත්වය නිසා මාර්ග යටවීමෙන් ගමනාගමනයට බාධා පැමිණ ඇත.
චොංජු හි මධ්‍යම කඳුකර ප්‍රදේශයේ උමං මාර්ගයක පුද්ගලයින් කිහිපදෙනෙක් සිරව සිටි බව වාර්තා වෙනවා.
දේශගුණික විපර්යාස සිදුවෙමින් පවතින බව පිළිගෙන ඒ හා කටයුතු කළ යුතු බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යයෝල් මහතා පවසා තිබේ.



