Tuesday, April 28, 2026
HomeදේශීයBREAKING NEWS: මාස 04ක බිළිඳියකුත් හදිසියේ මිය ගියේ එන්නතක් නිසාද?

BREAKING NEWS: මාස 04ක බිළිඳියකුත් හදිසියේ මිය ගියේ එන්නතක් නිසාද?

මාස හතරෙදි ලබා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය නියම කර ඇති එන්නත ලබා දීමෙන් ඊට පසු දින බිළිදියක් මියගොස් ඇති පුවතක් වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුළියාපිටිය, ඉහළගොමුගොමුවේ පදිංචි මාස 4ක බිළිදියකි.

ඉකුත් සෙනසුරාදා හෙට්ටිපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් බිළිඳියට එම එන්නත ලබා ගෙන ඇත.

ඉන්පසු නිවසට ගෙන ආ දරුවා පසු දින මියගොස් ඇති බව වාර්තා වෙනවා.

සෞඛ්‍ය අංශ වෙත මෙම මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවද එය එන්නතක ගැටලුවක් නිසා සිදුවූ මරණයක් නොවිය හැකි බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

බිළිඳියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) පවත්වා ඇති අතර සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බව වාර්තා වෙනවා.

බිළිඳියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ඉහළ ගොමුගොමුව පොදු සුසාන භූමියේදී සිදුකර ඇත.

READ:   ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්