Wednesday, September 9, 2026
Homeදේශීයප්‍රතිජීවක ඖෂධයක කාණ්ඩ 03ක් තාවකාලිකව භාවිතයෙන් ඉවතට..

ප්‍රතිජීවක ඖෂධයක කාණ්ඩ 03ක් තාවකාලිකව භාවිතයෙන් ඉවතට..

ප්‍රතිජීවක ඖෂධයක, කාණ්ඩ තුනක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ, අදාළ එන්නත් කාණ්ඩ ලබාදීමෙන් අනතුරුව ආසාත්මිකතා ඇතිවීම හේතුවෙන්.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, පේරාදෙණිය රෝහලේදී මියගිය තරුණියට දුන් එන්නත් ඛාණ්ඩය සහ මහනුවර ජාතික රෝහලේදී රෝගීන් දෙදෙනෙකුට ආසාත්මිකතා ඇතිවූ එන්නත් කාණ්ඩය එලෙස භාවිතය අත්හිටවූ බවයි.

මහනුවර ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධය ලබාගැනීමෙන් පසු ආසාත්මිකතා ඇතිවූ රෝගීන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

READ:   මේක සිංදුවක් ද? ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකකට බැහැලද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්