Thursday, April 23, 2026
Homeක්‍රීඩාබංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තියුණු සටනක: බංගලියන් තරගය ජය ගනී..

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තියුණු සටනක: බංගලියන් තරගය ජය ගනී..

බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය අතර පැවති පළමු විස්සයි විස්ස තරගය තියුණු තරගයක් බවට පත්වුණා.

ඊයේ (14) පැවති එම තරගය කඩුලු 02 කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 154ක් රැස් කළා.

ඇෆ්ගනිස්ථාන වෙනුවෙන් Mohammad Nabi නොදැවී ලකුණු 54යි, Azmatullah ලකුණු 33ක් සහ Najibullah Zadran ලකුණු 23ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය කඩුලු 08ක් දැවී අවසන් පන්දුවාරයේ එක් පන්දුවක් ඉතිරිව තිබියදී තරගය ජයගත්තේ ලකුණු 157ක් ලබා ගනිමින්.

Towhid Hridoy නොදැවී ලකුණු 47ක් (32), Shamim Hossain ලකුණු 33ක් (25) ලබා ගත්තා.

READ:   බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල සිසුන්ට පන්ති තහනමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්