Saturday, June 27, 2026
Homeදේශීයසතුන්ට ඇද්ද විදුලි රැහනේ පැටලී අයෙක් මරුට

සතුන්ට ඇද්ද විදුලි රැහනේ පැටලී අයෙක් මරුට

නිවිතිගල පොලිස් වසමේ නිවිතිගල ප්‍රදේශයේ සතුන් දඩයම් කිරීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (14) දහවල් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු සහ පැමිණිලිකරු දැනට සති දෙකක පමණ කාලයක සිට රාත්‍රී කාලයේ අනවසරෙන් විදුලිය ලබාගෙන සතුන් මැරීමට විදුලි රැහැන් ඇද ඇති බවත් එම රැහැනක ගැටී මෙම මරණය සිදුව ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ අතර අනවසර විදුලි රැහැන් ඇදීමට සහය දීම සම්බන්ධයෙන් මරණකරුගේ සහෝදරයා වන පැමිණිලිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද (15) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   මිනිසා දෙවියන් හා සහෝදරයන්ගෙන් ඈත් වී වහල්භාවයට ගමන් කරමින් සිටිනවා – කාදිනල් හිමිපාණෝ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්