Thursday, September 10, 2026
Homeදේශීයපේරාදෙණිය චමෝදිගේ මරණය ගැන සෙවීමට විශේෂ කමිටුවක්

පේරාදෙණිය චමෝදිගේ මරණය ගැන සෙවීමට විශේෂ කමිටුවක්

උදරාබාධයක් සඳහා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ මියගිය 21 හැවිරිදි චමෝදී සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කර තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මෙම පංච පුද්ගල කමිටුව පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා.

එන්නත් ලබා දීමෙන් පසු තම දියණිය මියගිය බවට චමෝදී සංදීපනීගේ ඥාතින් චෝදනා කර සිටියා.

පසුගියදා මෙලෙස මියගියේ පොත්තපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියකි.

READ:   දැන් හැදෙන වෛරස් උණ මාරාන්තික විය හැකියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්