Wednesday, May 27, 2026
Homeදේශීයසමාන්‍ය පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ සඳහා දින දියම වෙයි..

සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ සඳහා දින දියම වෙයි..

2022 වසරට අදාළ සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ අගෝස්තු මස 02වනදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සංගීතය,නැටුම්, නාට්‍ය හා රංග කලාව යන විෂයන්ට අදාළ ප්‍රයෝගික පරීක්ෂණයන් අගෝස්තු මස12 වනදා දක්වා පැවැත්වේ.

සමාන්‍ය පෙළ විභාගයේ මෙතෙක් ප්‍රයෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ක්‍රමවේදයෙහි වෙනසක් සිදු නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේදී තැපැල් මගින් ලැබීමට සලසන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ පිළිබඳ 1911 දුරකතන අංකය ඔස්සේ විමසීම් සිදු කළ හැකියි.

READ:   සැකකාර විදෙස් ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්