Saturday, July 25, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගය නවසීලන්තය ජය ගනී..

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගය නවසීලන්තය ජය ගනී..

ශ්‍රී ලංකාව හා නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (08) පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 05 කින් ජය ගැනිමට නවසීලන්තය සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළේ ලකුණු 106ක් පමණයි.

පන්දුවට පහරදීමේදී විශ්මි ගුණරත්න ලකණු 26 (28) ඕෂධි රණසිංහ 18 (15) වශයෙන් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 05 ක් දැවී පන්දුවාර 18යි පන්දු 5කදී එම ඉලක්කය පසුකර ගියා.

නවසීලන්තය වෙනුවෙන් Suzie Bates ලකුණු 44 (47), Amelia Kerr ලකුණු 34 (28) ලබා ගත්තා.

තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

READ:   "කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි" - ජනපති අවධාරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්