Tuesday, September 29, 2026
Homeක්‍රීඩාකොදෙව් පිලත් පරාජය කළ ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහා තරගයට..

කොදෙව් පිලත් පරාජය කළ ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහා තරගයට..

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (07) පැවති තරගය කඩුලු 08 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 243ක් රැස් කළා.

පන්දු යැවීමේදී කොදෙව් කඩුලු 04ක් බිඳහෙළිමට මහීෂ් තීක්ෂණ සමත්වුණා.

මේ අතර දුශාන් හේමන්ත කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 2ක් තුළදී සිය ඉලක්කය පසුකර ගියා.

අගනා ඉනිමක් ක්‍රිඩා කළ පැතුම් නිස්සංක පන්දු 113 තුළදී ලකුණු 104ක් රැස් කළා.

දිමුත් කරුණාරත්න ලකුණු 83(92) ක් , කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 34(43) වශයෙන් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

READ:   තද සුළඟින් හා අකුණුවලින් විය හැකි අනතුරු අවම කරගන්න.. -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්