දඹුල්ලේ එළවළු කිලෝ ලක්ෂ 26ක් විකුණාගත නොහැකිව ගොඩ ගැසී ඇති බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (14) මන්ත්‍රිනිය මේ බව පැවසුවාය.
මන්ත්‍රිනියගේ ප්‍රකාශය මෙසේය.
“කොරෝනා පළමු රැල්ල අවස්ථාවේදී වගේම මෙවරත් ආණ්ඩුව ගොවියෝ, ව්‍යාපාරිකයෝ, අතරමැදියෝ අමාරුවේ දමා තිබෙනවා. ඊයේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන එන ලෙස ගොවීන්ට දැන්වුවා. නමුත් අද කිසිදු ව්‍යාපාරිකයෙකු දඹුල්ලට පැමිණ නෑ. එළවළු කිලෝ ලක්ෂ 26ක් අද දිනයේ දඹුල්ලට රැගෙනවිත් තිබෙනවා.
මේ ආණ්ඩුවට මාතලේ දිස්ත්‍රිකයේ එළවළු අස්වැන්න ජනතාවට බෙදාගන්න කිසිම වැඩ පිළිවෙළක් නෑ. ‘ඇඳිරි නීතිය’ වචනය කියන්නේ නැතිව ගොවියෝ අන්දමන්ද කරලා අද මහා විනාශයක් කළා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ මිල වෙනස් කරන්නට අර්බුදයක් ඇති කරන්නට දේශපාලඥයෙක් හා ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් බලාගෙන ඉන්නවා. ගොවියෝ එළවළු රැගෙන ආ පසුව ඒවා ගොඩ ගහලා ප්‍රවාහන බාධක පැනවූවේ රටේ ආහාර හිඟයක් ඇති කරලා දැවැන්ත ලාබයක් ලබන්නයි.
රට පුරාම මිනිස්සුන්ට අවශ්‍ය ආහාර වර්ග හිඟයක් තියෙනවා. මිනිස්සුන්ට කන්න තියෙන එළවළු අස්වැන්න මෙලෙස විනාශ කිරීම අපරාධයක්. රජය වහාම මේ එළවළු අස්වැන්න මිලදීගෙන පිට පළාත්වලට බෙදා හැරීම ඇරඹිය යුතුයි. මිනිස්සුන්ට කන්නට තියෙන එළවළු ටික විනාශ වී යාම වළක්වා ගත යුතුයි.”
එළවළු, පළතුරු කිලෝ ලක්ෂ 26ක් දඹුල්ලේ පුස් කයි
නවතම වීඩියෝ
-
උපරිමාධිකරණ තනතුරු පුරප්පාඩුව තව පමාවෙයි???
-
චෙම්මනි මිනිවලේ පාපොච්චාරණයගැන අප්ඩේට් එක මෙන්න. හමුදා නිලධාරියා කිව්වදේ.අධිකරණ ඇමති කියයි.
-
මුස්ලිම් විවාහවල ළමා විවාහ සම්බන්ධයෙන් අවම වයසක් ගෙන්න ආණ්ඩුව බයයිද??මෙන්න අධිකරණ ඇමති දුන් උත්තරේ.
-
රාජිත පුතා එක්ක උසාවියට - මෝසමක් දාන්න ආවේ - ආහ් - අම්මා - රාජිත මාධ්‍ය එක්ක කතා කර කර ඉද්දි වුණ දේ


