Monday, July 27, 2026
Homeදේශීයවන අලියෙකු පහරදීමෙන් හිමි නමක් අපවත් වෙයි..

වන අලියෙකු පහරදීමෙන් හිමි නමක් අපවත් වෙයි..

පුලස්තිපුර, සෝමාවතී රක්ෂිත මාර්ගයේ සුංගාවිල පාලම අසල දී වන අලියකු පහරදීමෙන් හිමි නමක් අපවත්වී ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (05) අළුයම් කාලයේ උන්වහන්සේ සෝමාවතිය ප්‍රදේශයේ සිට සුංගාවිල දෙසට පා ගමනින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

මෙලෙස අපවත්වී ඇත්තේ ගම්පහ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රි සංඛමනාරාම විහාරස්ථානයේ වැඩ විසු හිමි නමක් බව අනාවරණය වී තිබේ.

මෘත දේහය පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පුස්තිපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   පවුල් ලක්ෂ 20 කට සහල් බෙදා දීමට තීරණය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්