Friday, April 24, 2026
Homeදේශීයකොවිඩ් එන්නත නොදුන්නොත් බස් දුවන්නේ නැහැලු - ගැමුණු කියයි

කොවිඩ් එන්නත නොදුන්නොත් බස් දුවන්නේ නැහැලු – ගැමුණු කියයි

සියලුම පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා මේ සතිය තුළ කොවීඩ් එන්නත ලබාදීමට රජය කටයුතු නොකළහොත් බස් රථ ධාවනයෙන් ඉවත් වීමට ඒකාබද්ධ තීරණයක් ගත් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

මේ සතිය තුල බස් රථ සේවකයන්ට කොවීඩ් එන්නත ලබාදීමට ලබා දීමට රජය අපොහොසත් වුවහොත් ලබන 17 වැනි දා සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව අඛණ්ඩ වර්ජනයක නිරත වන බවද විජේරත්න මහතා සඳහන් කළේය.

මේ වන විටත් බස් රථ සේවකයන් විශාල පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවද ඔහු කියා සිටියේය.

මගී ජනතාව සමඟ වැඩි වශයෙන් ගනුදෙනු කරන සියලුම බස් රථ, දුම්රිය ඇතුළු ප්‍රවාහන මාධ්‍යන් වල සේවයේ නියුතු පිරිස් සඳහාද කඩිනමින් කොවීඩ් එන්නත ලබාදීමට රජය පියවර ගත යුතු බවද ඔහු සඳහන් කළේය

ලංකදීප

READ:   ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්