Monday, June 15, 2026
Homeදේශීයපොලිසියට පහරදීම සම්බන්ධයෙන් තවත් තිදෙනෙක් අත්අඩංගුවට...

පොලිසියට පහරදීම සම්බන්ධයෙන් තවත් තිදෙනෙක් අත්අඩංගුවට…

නවසකට ඇතුළුවී නිවැසියන්ට හා දේපලවලට පහරදී අනර්ථය සිදුකිරීම හා රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මුහුණු පොත ඔස්සේ තරුණියකගේ ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීමේ සිද්ධියක් මුල්කොටගෙන ඉකුත් 28වනදා රාත්‍රියේ අව්වුවේලි, නිර්වේලි ප්‍රදේශයේ ප්‍රදේශවාසින් පිරිසක් නිවසකට ඇතුළු වී එම නිවසේ දේපලවලට හානි කර ඇත.

එහිදී සිද්ධිය පාලනයට එම ස්ථානයට පැමිණි අව්වුවේලි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුට පහර දී තුවාලකිරීමක් සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු සහ සැකකාරියන් 25 දෙනෙකු ඉකුත් 29 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (02) තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ වයස අවුරුදු 20,25 හා 28 යන වයස්වල පසුවන නිර්වේලි හා මඩතඩි ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් අද මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   BREAKING NEWS: ඔරුගොඩවත්ත විහාරය කඩා දැමීම අත්හිටුවමින් අධිකරණයෙන් නියෝගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්