හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 14.2%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ගෘහස්ත අංශයේ ඒකක 0-30 ත් අතර කාණ්ඩයෙන් 65%ක ගාස්තු අඩුවීමක් අපේක්ෂා කරයි.
විදුලි ඒකකයක මිල රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කෙරේ.
එමෙන්ම මාසික විදුලි ගාස්තුව රුපියල් 400 සිට 150 දක්වා අඩුකර ඇත.
ඒකක 60ට අඩු කාණ්ඩය – ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 32 දක්වා අඩුකරේ. එම කාණ්ඩයේ මාසික ගාස්තුව රුපියල් 650 සිට 300 දක්වා අඩු වේ.
ඒකක 91 – 120 දක්වා කාණ්ඩය – ඒකකයක මිල රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරේ. එම කාණ්ඩයේ මාසික ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 1000 දක්වා අඩුවේ.
මේ අතර ආගමික ස්ථාන සඳහා 16% ක ගාස්තු අඩුවීමක් ලබා දී ඇත.


