Tuesday, April 21, 2026
Homeදේශීයපොලිස් වෙඩි පහරින් ප්‍රංශයේ ගිනි ඇවිලෙයි..

පොලිස් වෙඩි පහරින් ප්‍රංශයේ ගිනි ඇවිලෙයි..

17 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මිය යෑම හේතුවෙන් ප්‍රංශයේ තවදුරටත් මහජන විරෝධතා ක්‍රියාත්මක බව වාර්තා වේ.

ප්‍රංශයේ නගර රැසක විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විරෝධතාකරුවන් පලවා හැරීමට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් භාවිතා කර තිබේ.

විරෝධතා කරුවන් විසින් දේපල රැසකට හානි සිදුකර ඇති අතර මෝටර් රථ 40ක් පමණ ගිනි තබා විනාශ කර ඇති බව සඳහන්.

විරෝධතා අතරතුර පුද්ගලයින් 200ක් පමණ තුවාල ලබා ඇත.

තත්වය පාලනය කිරීම සඳහා 40.000ක පමණ ආරක්ෂක අංශ නිලධාරින් පිරිසක් යොදවා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

file
file
file
file
file
READ:   මහින්ද රාජපක්ෂ කඩල දන්සලක් පවත්වයි (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්