Saturday, July 25, 2026
Homeදේශීයවසා දැමුණු කොළඹ කොටුව - යාපනය දුම්රිය මාර්ගය යළි විවෘත කෙරේ..

වසා දැමුණු කොළඹ කොටුව – යාපනය දුම්රිය මාර්ගය යළි විවෘත කෙරේ..

අලුත් වැඩියා කටයුතු හේතුවෙන් වසා දැමුණු කොළඹ කොටුව – යාපනය දුම්රිය මාර්ගය ලබන ජූලි මස 15 වනදා යළි විවෘත කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම දුම්රිය මාර්ගය පසුගිය ජනවාරි 05 වනදා වසා දැමුණා.

ඒ හේතුවෙන් දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා පමණක් සීමා විය.

ඉන්දීය ණය ආධාර මත උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මහව සිට ඕමන්තය දක්වා සිදුකිරීමට එලෙස කටයුතු ආරම්භ කර තිබුණා.

කෙසේවෙතත් දුම්රිය මාර්ගයේ අලුත් වැඩියා කටයුතු ලබන වසරේ ජනවාරි දක්වා කල් දමා ඇති බව වාර්තා වෙනවා.

READ:   සොහොන් පිටියෙන් වැඩ ආරම්භ කළ ලොව විශිෂ්ටතම ටෙස්ට් නායකත්වය...
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්