Tuesday, September 8, 2026
Homeදේශීයටයිටන් ගැන විශේෂ විමර්ශනයක් අරඹයි..

ටයිටන් ගැන විශේෂ විමර්ශනයක් අරඹයි..

ටයිටැනික් සබ්මැරීනයේ සුන්බුන් නැරඹීමට ගොස් සිටියදී අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය තීරණය කර තිබෙනවා.

මේ සඳහා ප්‍රංශය, කැනඩාව සහ බ්‍රිතාන්‍ය යන රටවලද සහයෝගය ලබා ගැනීමට නියමිතයි.

මෙහිදී විමර්ශනයන් සඳහා අදාළ සබ්මැරීනය අනතුරට ලක්වූ ස්ථානය සිතියම් ගත කරණු ඇති.

අදාළ විමර්ශනයෙන අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනාගතයේ මෙවැනි අනතුරක් නොවීම සඳහා එම නිර්දේශ යොදා ගන්නා බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පවසනවා.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම ගිය ටයිටන් සබ්මැරීනය ගැඹුරු මුහුදේ දී විනාශයට පත්ව ඇති බවත් එහි ගමන් ගත් පුද්ගලයින් 5 දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පසුගියදා අනාවරණය වුණා.

READ:   වැවේ ගිලී මිය ගියා යැයි සිතු මවක් මල්ශාලාවෙන් ඇවිත් සිටිය දී හදිසියේ කතා කරයි.. (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්