Monday, September 14, 2026
Homeදේශීයඅරුම පුදුම ත්‍රී රෝද රථ දෙකක්

අරුම පුදුම ත්‍රී රෝද රථ දෙකක්

එකම අංක තහඩු අංකයක් සහිත ත්‍රී රෝද රථ දෙකක් ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනිගත්හේන ප්‍රදේශයේ සිට පොල්පිටිය දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් පොලිසිය විසින් නතර කර පරික්ෂා කිරීමේදී එහි අංක තහඩුව ව්‍යාජ එකක් යන්න සැක සිතී පසුව එය තහවුරු වීමෙන් එම රථය සහ රියදුරු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම වාහන අංකය පිළිබඳව තොරතුරු මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂා කිරීමේදී එම අංකයට තවත් ත්‍රී රෝද රථයක් වැලිවේරිය ප්‍රදේශයේ ඇති බව අනාවරණය වීමෙන් එම රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ලියකියවිලි පරික්ෂා කර තිබේ.

මෙහිදී ගිනිගත්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථයෙහි අංක තහඩුව සහ ලියකියවිලි ව්‍යාජ බව අනාවරණය වී ඇත.

ඒ අනුව එම ත්‍රී රෝද රථයේ සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

READ:   සතොසින් භාණ්ඩ වර්ග 7 ක් සඳහා මිල සහනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්