Sunday, July 26, 2026
Homeක්‍රීඩානෙදර්ලන්තය සුපිරි 6 වටයට සුදුසුකම් ලබයි

නෙදර්ලන්තය සුපිරි 6 වටයට සුදුසුකම් ලබයි

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට නෙදර්ලන්ත කණ්ඩායමට සුදුසුකම් හිමි කර ගැනීමට අද සමත්වුණා.

ඒ නේපාලය සමග අද (24) පැවති තරගය කඩුලු 07 කින් ජය ගැනීමත් සමගයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3 ක් තුළ, සියලු දෙනා දැවී ලකුණු 167 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 03 ක් පමණක් දැවී තරගයේ 27 වන පන්දුවාරයේ දී එම ඉලක්කය පසුකරමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.

ඒ අනුව ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයට පිවිසීමට නෙදර්ලන්තයට හැකියාව ලැබුණා.

READ:   රෝහල්වල ලයිට් කැපෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්