Sunday, April 26, 2026
Homeදේශීයකොවිඩ් රෝගීන් ලංකාවට පනිනවාට වයඹදිග හා උතුරු මුහුදේ ආරක්ෂාව තර කරයි -...

කොවිඩ් රෝගීන් ලංකාවට පනිනවාට වයඹදිග හා උතුරු මුහුදේ ආරක්ෂාව තර කරයි – නාවික හමුදාව

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රි ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා පැය 24 පුරා මුර සේවාවන් වැඩි කිරීමට නාවික හමුදාව තීරණය කර ඇත මේ අනුව වයඹදිග හා උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති බව ද නාවික හමුදාව නිවේදනය කරයි අන්තර් ජාතික මුහුදු සීමාව ආසන්නයේ නාවික හමුදා වේග මුර යාත්‍රා සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා සංචාරයේ යෙදවීමටත්,ගොඩබිම ආසන්න මුහුදේ ආරක්ෂාව තර කිරීම සඳහා වෙරළබඩ නිරීක්ෂණ මුර යාත්‍රා මුර සංචාරයේ යෙදවීමටත් කටයුතු කර ඇත 

Dinamina

READ:   දූෂිත ක්‍රිකට් සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම මැයෙන් ඒකාබද්ධ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්