Saturday, July 25, 2026
Homeක්‍රීඩාඕමාන් ජයපැන් රැල්ලට තිත තැබූ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

ඕමාන් ජයපැන් රැල්ලට තිත තැබූ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමානය අතර පැවති තරගය කඩලු 10 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕමානය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 98ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී පන්දුවාර 15 ක් තුළ සිය ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 61 සහ පැතුම් නිස්සංක ලකණු 37 ක් වශයෙන් රැස් කළා.

පෙර පැවති තරඟ දෙකම ජයග්‍රාහණය කරමින් ඕමානය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට අද හැකියාව ලැබුණා.

READ:   පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඉල්ලා අස්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්