Wednesday, July 22, 2026
Homeදේශීයලොරි රථයක ගැටී 21 හැවිරිදි තරුණයෙක් මරුට

ලොරි රථයක ගැටී 21 හැවිරිදි තරුණයෙක් මරුට

පොතුහැර, කුරුණෑගල මාර්ගයේ මල්පිටිය හන්දියේ දී කුරුණැගල දෙස සිට පොතුහැර දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

ඊයේ (22) රාත්‍රියේ සිදුවු මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු සහ පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී යතුරු පැදිකරු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 ක්වූ හදුගල, පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොතුහැර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ලී වෙළඳසැලේ හිමිකාරියගේ ඝාතකයා අල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්