Wednesday, September 16, 2026
Homeදේශීයජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇතුළු නිලධාරීන් රැසක් හමුවෙයි..

ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇතුළු නිලධාරීන් රැසක් හමුවෙයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.

මේ අතර ජනාධිපතිවරයා නෙදර්ලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය (පළමු) සහ මුදල් අමාත්‍ය සිග්රිඩ් කාග් (Sigrid Kaag) මහත්මිය සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇත.

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් (Janet Yellen) මහත්මිය සමග විශේෂ සාකච්ඡාවකට ජනාධිපතිවරයා එක්වූ බව සඳහන්.

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂීයා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ ෆ්‍රැන්කෝෆෝන් (Francophone) සංවිධානයේ මහලේකම්වරිය ද ජනපති හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළා.

file
file
file
file
READ:   ජනතාව ගොන්නු යැයි සිතා සමහර දේශපාලකයින් ජනතාව අන්ඳනවා - ඩිලාන් පෙරේරා (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්