Tuesday, April 28, 2026
HomeදේශීයBREAKING NEWS: ඔරුගොඩවත්ත විහාරය කඩා දැමීම අත්හිටුවමින් අධිකරණයෙන් නියෝගයක්

BREAKING NEWS: ඔරුගොඩවත්ත විහාරය කඩා දැමීම අත්හිටුවමින් අධිකරණයෙන් නියෝගයක්

ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත්කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

විහාරය කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා.

සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති හල්මිල්ලකුලමේ සුගතඥාන හිමියන් විසින් ගොනු කළ රටි පෙත්සම සලකා බැලූ අධිකරණය විසින් නියෝගය ලබා දී ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය සහ තවත් පිරිසක් නම් කර ඇත.

READ:   ජනපති ජපානයේ නිල සංචාරයක..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්